ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ සේවකයින් අද දහවල් 12ට මහ පාරට

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (27) විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

ඒ, අනුව රාජ්‍ය ආයතන ඉදිරිපිට අද (27) දහවල් 12.00ට මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සන්ධානය සඳහන් කළේ.

මෙහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර තිබෙනවා.

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකළ දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාගැනීම මෙම වෘත්තීය සමිති එකමුතුව මෙලෙස ඉල්ලා සිටින ඉල්ලීම්වලින් කිහිපයක්.

මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?