AFC Banner
Empty Ad
Empty Ad

වසර 17කට පසු සමනල වැවේ වාන් දොරටු ඇරේ (වීඩියෝ)

සමනල වැව ජලාශයේ ජලය පිටාර මට්ටමට ළගාවීම හේතුවෙන් එහි වාරිමාර්ග සොරොව්වෙන් අඩක් විවෘත කර ජලය මුදා හැරීමට මෙහෙයුම් ඉංජිනේරුවරුන් කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව පවතින වර්ෂාව සමග වලවේ ගඟේ ඉහළ කොටස වන බෙලිහුල්ඔය, හිරිකටු ඔය සහ දෙනගම ඔයේ ජල මට්ටම් වැඩි වීමත් සමග මෙලෙස සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමනල වැව ජලාශයෙන් වලවේ ගඟට එකතු වන ජල ධාරිතාවත් සමග කල්තොට, මැදබැද්ද, වැලිපතයාය ඇතුලු පහළ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව සිටින ලෙසටයි බලධාරින් ජනතාවට දැනුම්දී ඇත්තේ.

සමනල වැව ජලාශයේ වාන් දොරටු මෙලෙස විවෘත කර ඇත්තේ වසර 17 කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර අවසන් වරට 2006 වසරේ සමනල වැව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

සමනල වැව ජලාශයේ වාන් දොරටු තුනක් ඉදිකර ඇති අතර උපරිම ජල මට්ටමට ළගා වු පසු ඵ්වා ස්වයංක්‍රීය විවෘත කෙරෙනවා. සමනල වැව අවසන් වරට වාන් දමා ඇත්තේ 2006 වසරේදීයි.

මේ අතර උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කිරීම හේතුවෙන් අම්බලන්තොට ඇතුලු පහත් බිම් ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?