වසර 17කට පසු සමනල වැවේ වාන් දොරටු ඇරේ (වීඩියෝ)

සමනල වැව ජලාශයේ ජලය පිටාර මට්ටමට ළගාවීම හේතුවෙන් එහි වාරිමාර්ග සොරොව්වෙන් අඩක් විවෘත කර ජලය මුදා හැරීමට මෙහෙයුම් ඉංජිනේරුවරුන් කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව පවතින වර්ෂාව සමග වලවේ ගඟේ ඉහළ කොටස වන බෙලිහුල්ඔය, හිරිකටු ඔය සහ දෙනගම ඔයේ ජල මට්ටම් වැඩි වීමත් සමග මෙලෙස සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමනල වැව ජලාශයෙන් වලවේ ගඟට එකතු වන ජල ධාරිතාවත් සමග කල්තොට, මැදබැද්ද, වැලිපතයාය ඇතුලු පහළ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව සිටින ලෙසටයි බලධාරින් ජනතාවට දැනුම්දී ඇත්තේ.

සමනල වැව ජලාශයේ වාන් දොරටු මෙලෙස විවෘත කර ඇත්තේ වසර 17 කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර අවසන් වරට 2006 වසරේ සමනල වැව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

සමනල වැව ජලාශයේ වාන් දොරටු තුනක් ඉදිකර ඇති අතර උපරිම ජල මට්ටමට ළගා වු පසු ඵ්වා ස්වයංක්‍රීය විවෘත කෙරෙනවා. සමනල වැව අවසන් වරට වාන් දමා ඇත්තේ 2006 වසරේදීයි.

මේ අතර උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කිරීම හේතුවෙන් අම්බලන්තොට ඇතුලු පහත් බිම් ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04