ඉන්දු – ලංකා ධීවර ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳිය යුතුයි (ඡායාරූප)

ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගත් තීරණයක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට නාවික හමුදාවේ අදාළ අංශ වෙත දෙන ලද දැනුම්දීම පිළිබඳ කාරක සභාව මෙහිදී විමසා සිටියා.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදා නිලධාරීන් සඳහන් කළේ ලද උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය වැඩි කළ අතර මේ වන විට අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා ප්‍රමාණය තරමක් අඩු වී ඇති බවයි.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ගැටළුව විසඳීම නාවික හමුදාවට පමණක් සිදු කළ නොහැක්කක් බවත්; මේ පිළිබඳ මෙරට දේශපාලනඥයන් දකුණු ඉන්දීය දේශපාලනඥයන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමෙන් ගැටළුව විසඳාගත යුතු බවයි.

පක්ෂ විපක්ෂ, ජාති හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව අදාළ ප්‍රදේශ නියෝජනය කරන සියළු මන්ත්‍රීවරයන් ඊට එක් ව කටයුතු කළ යුතු බවට ද තීරණය කෙරුණා.

නැගෙනහිර මුහුදේ මාළු දැල් කපා මසුන් රැගෙන යාම සම්බන්ධ ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධව ද කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

කාරක සභාවේදී පෙර දැනුම් දුන් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මේ පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණා.

MCC Fisheries 20231114 2
MCC Fisheries 20231114 3
MCC Fisheries 20231114 4
MCC Fisheries 20231114 7
MCC Fisheries 20231114 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39