spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – ලංකා ධීවර ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳිය යුතුයි (ඡායාරූප)

ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගත් තීරණයක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට නාවික හමුදාවේ අදාළ අංශ වෙත දෙන ලද දැනුම්දීම පිළිබඳ කාරක සභාව මෙහිදී විමසා සිටියා.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදා නිලධාරීන් සඳහන් කළේ ලද උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය වැඩි කළ අතර මේ වන විට අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා ප්‍රමාණය තරමක් අඩු වී ඇති බවයි.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ගැටළුව විසඳීම නාවික හමුදාවට පමණක් සිදු කළ නොහැක්කක් බවත්; මේ පිළිබඳ මෙරට දේශපාලනඥයන් දකුණු ඉන්දීය දේශපාලනඥයන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමෙන් ගැටළුව විසඳාගත යුතු බවයි.

පක්ෂ විපක්ෂ, ජාති හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව අදාළ ප්‍රදේශ නියෝජනය කරන සියළු මන්ත්‍රීවරයන් ඊට එක් ව කටයුතු කළ යුතු බවට ද තීරණය කෙරුණා.

නැගෙනහිර මුහුදේ මාළු දැල් කපා මසුන් රැගෙන යාම සම්බන්ධ ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධව ද කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

කාරක සභාවේදී පෙර දැනුම් දුන් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මේ පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණා.

MCC Fisheries 20231114 2
MCC Fisheries 20231114 3
MCC Fisheries 20231114 4
MCC Fisheries 20231114 7
MCC Fisheries 20231114 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?