වසා දැමුණු කලාවැවේ වාන් දොරටු විවර කෙරේ (ඡායාරූප)

ඉකුත් 15 වැනි දා සිට විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක ඊයේ පෙරවරු 11ට පමණ සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කළ ද, යළිත් එදින ම පස්වරුවේ වසා දැමුණු වාන් දොරටු දෙක විවර කිරීමට කලාවැව කාර්‍යභාර ඉංජිනේරු කාර්‍යාලයට සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම හදිසි වාන් දොරටු දෙක අඩි 03ල් බැගින් විවෘත කර ඇති බවයි.

ඒ අනුව වාන් දොරටු දෙකෙන් තත්ත්පරයට ඝන අඩි 3000ක පමණ ජල ප්‍රමාණයක් කලාවැවට මුදා හැරෙමින් තිබෙනවා.

හදිසි වාන් දොරටු නැවත විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය ද අවුකන ප්‍රදේශයෙන් ජලයෙන් යට වී එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයට මේ වනවිටත් වර්ෂාව ලැබෙමින් පවතින අතර රාත්‍රි 9.00 පමණ වන විට තත්ත්පරයට ඝන අඩි 2000ක පමණ ජල ධාරිතාවයක් දඹුලු ඔය ඔස්සේ කලාවැවට එක්වෙමින් පවතින බව ද වාර්තා වනවා.

ඊයේ දහවල් කලාවැව හදිසි වාන් දොරටු වසා දමන අවස්ථාවේ අක්කර අඩි 82,924ක් දක්වා පහළ ගිය කලාවැවේ සමස්ත ජල ධාරිතාව රාත්‍රිය වනවිට අක්කර අඩි 88,316 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු කුෂාන් ජයවර්ධන පැවසුවේ.

මේ හේතුවෙන් කලාවැව අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

WhatsApp Image 2023 11 22 at 22.53.10 1
WhatsApp Image 2023 11 22 at 22.53.10 2
WhatsApp Image 2023 11 22 at 22.53.10 3
WhatsApp Image 2023 11 22 at 22.53.10 4
WhatsApp Image 2023 11 22 at 22.53.10 5
WhatsApp Image 2023 11 22 at 22.53.10 6
WhatsApp Image 2023 11 22 at 22.53.10 7
WhatsApp Image 2023 11 22 at 22.53.10 8
WhatsApp Image 2023 11 22 at 22.53.10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20