තරුණ බිරිඳත් එක්ක සැමියා කළ සොරකම

නයිනමඩම ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් 450,000ක දේපළ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ තරුණියක් ඇතුලු සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝප්පුව, ගෝනවිල සහ වයික්කාල යන ප්‍රදේශවලදීයි. ඒ හෙරොයින් ග්‍රෑම් 13ක ප්‍රමාණයක් ද සමගින්.

සැකකාරිය අවුරුදු 25ක අයෙක් වන අතර අනෙක් සැකකරුවන් අවුරුදු 27, 34 සහ 43 වයස්වල පසුවන පුද්ගලයන්.

ඔවුන් සඳලංකාව, උඩුබද්දාව සහ වයික්කාල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිස සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 19 වනදා නයිනමඩම ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලු වී පිහියක් පෙන්වා රුපියල් 450,000කට අධික වටිනා දේපළ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් බවටයි.

මෙම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය සීදුව ප්‍රදේශයේදී සොරකම් කළ එකක් බව ද හෙළිවී තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් පුත්තලම ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක සැකකරු බවටයි අනාවරණ වී ඇත්තේ.

මොවුන් විසින් දංකොටුව ප්‍රදේශයේදී ජංගම දුරකථනයක් මෙන්ම පාපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිවී ඇති අතර එම දේපළ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය නයිනමඩම ප්‍රදේශයේ වෙළඳසැලේ සේවයේ යෙදී සිටිමින් මෙම අපරාධයට සම්බන්ධ වී ඇති බවට ද සඳහන්.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් එම සැකකාරියගේ සැමියා බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

වෙන්නප්පුව පොලිසිය මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12