දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ කොල්කටා හි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි.

තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.

Heinrich Klaasen සහ David Miller ලකුණු 10 බැගින් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. ඒඩ්න් මැක්රම් ලකුණු 10කට දැවී ගියා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 3ක් ලබා ගත් අතර නායක ටෙම්බා බවුමා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මිචෙල් ස්ටක් සහ ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව හමුවන්නේ දෙවන වරට වන අතර දෙරට අතර මූලික වටයේදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් හිමිවුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපරාජිත ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39