spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ කොල්කටා හි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි.

තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.

Heinrich Klaasen සහ David Miller ලකුණු 10 බැගින් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. ඒඩ්න් මැක්රම් ලකුණු 10කට දැවී ගියා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 3ක් ලබා ගත් අතර නායක ටෙම්බා බවුමා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මිචෙල් ස්ටක් සහ ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව හමුවන්නේ දෙවන වරට වන අතර දෙරට අතර මූලික වටයේදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් හිමිවුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපරාජිත ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?