දිනේෂ් ශාෆ්ටර්ගේ රක්ෂණ වන්දි ගැන අධිකරණයෙන් නියෝගයක්

අබිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් ෆෙයා ෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගමට පසුගිය නඩුවාරයේදී කළ නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් අද ඉවත් කර තිබෙනවා.

අදාළ පාර්ශවයන් වෙත රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමට තවදුරටත් අවශ්‍ය නොමැති බවට අධිකරණයට හැඟී යන බැවින් එම නියෝගය ඉවත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.

එම වන්දි මුදල් ලබා ගැනීමට වෙනත් කිසිදු පාර්ශ්වයක් උත්සාහ ගන්නා බවට කරුණු හෙළිවී නැති බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමක් ලෙස සතියක කාලයක් යන තෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට ඉහත සඳහන් රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරිය එම වන්දි ප්‍රතිලාභ නොගෙවන ලෙස ඉහත කී සමාගම්වලට පසුගිය නඩුවාරයේදී නියෝග කර තිබුණේ.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 16 වනදා මියගොස් තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක්ද පත් කර තිබෙනවා.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට තම වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය පසුගිය 4 වනදා ජාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?