AFC Banner
Empty Ad
Empty Ad

12 හැවිරිදි දියණියගේ මරණ පරික්ෂණයෙන් සියල්ල කණපිට පෙරළෙයි

කලවන්චිකුඩි පොලිස් වසමේ, පෙරයකල්ලාරු ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි මස 10 වන දින ජීවිතක්ෂයට පත්ව ඇති 12 හැවිරිදි දැරියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් තිබු සැකයක් මත මඩකලපුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (23) දිනයේ දී පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණය නිකුත් කර ඇති බවය. එහිදී දැරියට දීර්ඝ කාලයක සිට කළ පහරදීමක් හේතුවෙන් ඇති වු තුවාලවලින් විෂබීජ ශරීර ගත වී මරණය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් ජනවාරි මස 30 වන දින කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී. දැරියගේ මව විදේශ ගතව ඇති බැවින් මවගේ සහෝදරියක් විසින් දැරිය රැකබලාගෙන ඇතැයි ද වාර්තා වේ. කෙසේවෙතත් ඊයේ දිනයේ දී ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසුව ඉදිරියේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ට ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
40
+1
7
+1
8
+1
0
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?