12 හැවිරිදි දියණියගේ මරණ පරික්ෂණයෙන් සියල්ල කණපිට පෙරළෙයි

කලවන්චිකුඩි පොලිස් වසමේ, පෙරයකල්ලාරු ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි මස 10 වන දින ජීවිතක්ෂයට පත්ව ඇති 12 හැවිරිදි දැරියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් තිබු සැකයක් මත මඩකලපුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (23) දිනයේ දී පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණය නිකුත් කර ඇති බවය. එහිදී දැරියට දීර්ඝ කාලයක සිට කළ පහරදීමක් හේතුවෙන් ඇති වු තුවාලවලින් විෂබීජ ශරීර ගත වී මරණය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් ජනවාරි මස 30 වන දින කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී. දැරියගේ මව විදේශ ගතව ඇති බැවින් මවගේ සහෝදරියක් විසින් දැරිය රැකබලාගෙන ඇතැයි ද වාර්තා වේ. කෙසේවෙතත් ඊයේ දිනයේ දී ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසුව ඉදිරියේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ට ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
40
+1
7
+1
8
+1
0
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43