AFC Banner
Empty Ad
Empty Ad

මෙරටින් හමු වුණු විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින්

මෙරටින් මෙතෙක් හමු වූ අතිශය දුර්ලභ සහ විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

මෙම පුරාවිද්‍යා සාධකය හමු ව ඇත්තේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් බවයි පුරාවිද්‍යා කාර්‍යාලය පවසන්නේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් එක් ව මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන තිබෙනවා.

මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මාසයකට අධික කාලයක් වැයවනු ඇති බවයි පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ.

මේ වනවිටත් ශිලා ලේඛනයේ පිටපත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවට ද වාර්තා වනවා.

එය පසුගිය 26 වැනි දින සිට ඇරඹුණු බවයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් පැවසුවේ.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් වන බවට ද හොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
4
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?