නේපාල භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

බටහිර නේපාලයේ සිදු වූ භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් සිදුවූ මෙම භූමිකම්පාවෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ජජර්කොට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඇති බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

නේපාල බලධාරීන් සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි.

නේපාල අගනුවරට සහ දිල්ලි ඇතුළු අසල්වැසි ඉන්දියාවේ නගරවලට මෙම ප්‍රබල කම්පන දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11.47ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, භූමිකම්පාවෙන් පැයක් ඇතුළත තවත් කම්පන තුනක් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

තවත් භූ කම්පන සහ නිවාසවලට හානි සිදුවේ යැයි බියෙන් බොහෝ දෙනා රාත්‍රියේ ඉතිරි කාලය එළිමහනේ ගතකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් අද (04) විපතට පත් ප්‍රදේශයට පැමිණි අතර, භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳව සිය කණගාටුව පළ කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා.

බටහිර නේපාලයේ ජජාර්කොට් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම භූමිකම්පාව නිසා ඇති වූ නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වීම හේතුවෙන් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

2015 වසරෙන් පසු එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15