කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අපරාජිත ඉන්දියාව අතරයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය වන මෙය පැවැත්වෙන්නේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමට තීරණය කළා.

අද තරගයට එක්වන ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු වී නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත අද තරගයට ක්‍රීඩා කරනවා. පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ දිල්ෂාන් මදුෂංක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 5න් 3ක් පරාජයට පත්වී ඇති අතර 2ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම තවමත් අපරාජිතවයි පසුවන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම ඉදිරි තරග ද ජයග්‍රහණය කළහොත් යම් කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18