spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අපරාජිත ඉන්දියාව අතරයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය වන මෙය පැවැත්වෙන්නේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමට තීරණය කළා.

අද තරගයට එක්වන ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු වී නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත අද තරගයට ක්‍රීඩා කරනවා. පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ දිල්ෂාන් මදුෂංක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 5න් 3ක් පරාජයට පත්වී ඇති අතර 2ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම තවමත් අපරාජිතවයි පසුවන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම ඉදිරි තරග ද ජයග්‍රහණය කළහොත් යම් කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?