ලෝක කුසලානය අතහැර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා ගෙදර යයි

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ඊයේ (01) යළි සිය මව්බිම බලා පිටත්ව ගොස් තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත මිචෙල් මාෂ් මෙලෙස යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මාෂ් මෙලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇත්තේ දින නියමයක් නොමැතිව බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අහිමිවීම ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමනට දැඩි බලපෑමක් ඇතිවනු ඇති බවයි විචාරකයින් සඳහන් කර සිටින්නේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ මාෂ් ලකුණු 225ක් සහ කඩුලු 02ක් ලබාගෙන සිටියා.

මාෂ් හට තරඟාවලියේ ඉතිරි තරඟ මඟ හැරුනහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමට ඕස්ට්‍රේලියාවට විකල්ප කිහිපයක්ම පවතින අතර, ඇලෙක්ස් කේරි, ෂෝන් ඇබට්, මාකස් ස්ටොයිනිස් සහ කැමරන් ග්‍රීන් එම විකල්පයන් වනවා.

මේ අතර ගොල්ෆ් රථයකින් වැටී සිදු වූ අනතුරක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ද එංගලන්ත තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා සහභාගීවන මීළඟ තරගය එංගලන්ත සමඟ ලබන 04 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29