කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද සිට

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද (02) දිනයේ සිට යළි නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අද (02) දිනයේ සිට සති දෙකක කාලයක් මෙය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර, පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වා ද, මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වා ද පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වා යන වේලාවන් තුළ ක්‍රියාත්මකයි.

බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ, පුද්ගලික මගී බස් රථ, පාසල් බස් හා වෑන් රථ, කාර්යාල ප්‍රවාහනය සේවා බස් රථ සහ වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කළ හැකියි.

අදාළ කාලසීමාවන් තුළ වෙනත් වාහන එම මංතීරුවේ ධාවනය කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
2
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?