දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගය ලකුණු 190කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත්වුණා. තරගය පැවැත්වුණේ පූනේ හිදීයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 114යි. ක්වින්ටන් ඩි කොක් අද රැස් කළේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තම 4 වන ශතකයයි. පන්දු 103කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.

Rassie van der Dussen ලකුණු 133යි. ඔහු තම ශතකය ලබා ගත්තේ පන්දු 101කින් තහරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින්. David Miller පන්දු 30කින් ලකුණු 53ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 2ක් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 358ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔවුන්ට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණයි. Glenn Phillips ලකුණු 60ක් ලබා ගත්තා. Will Young ලකුණු 33යි. Daryl Mitchell ලකුණු 24ක් සහ Glenn Phillips ලකුණු 26ක් ලබා ගත්තා.

නවසීලන්ත කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසු කර යාමට හැකිවූයේ නැහැ.

පන්දු යැවීමේදී Keshav Maharaj කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා. Gerald Coetzee කඩුලු 2 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47