දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගය ලකුණු 190කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත්වුණා. තරගය පැවැත්වුණේ පූනේ හිදීයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 114යි. ක්වින්ටන් ඩි කොක් අද රැස් කළේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තම 4 වන ශතකයයි. පන්දු 103කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.

Rassie van der Dussen ලකුණු 133යි. ඔහු තම ශතකය ලබා ගත්තේ පන්දු 101කින් තහරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින්. David Miller පන්දු 30කින් ලකුණු 53ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 2ක් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 358ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔවුන්ට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණයි. Glenn Phillips ලකුණු 60ක් ලබා ගත්තා. Will Young ලකුණු 33යි. Daryl Mitchell ලකුණු 24ක් සහ Glenn Phillips ලකුණු 26ක් ලබා ගත්තා.

නවසීලන්ත කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසු කර යාමට හැකිවූයේ නැහැ.

පන්දු යැවීමේදී Keshav Maharaj කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා. Gerald Coetzee කඩුලු 2 යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46