හොරෙන් ගෙන්වා එකලස් කළ සැප වාහනය විකුණන්න යද්දී මාට්ටු

නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට ගෙන්වා එකලස් කර රහසිගතව ලියාපදිංචි කළ ජීප් රථයක් කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

වාහනය මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ගේ නමින් ලියාපදිංචි කර විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රසිද්ධ නීතිඥවරියකගේ සහායෙන් වාහන ආනයනය කර බෙදාහරින ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකුගේ මාර්ගයෙන් විකිණීමට සූදානම් කර තිබූ බව ද සඳහන්.

වාහනය මෙරටට ගෙන්වන ලද දේශපාලන නියෝජිතයෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48