spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් ගෙන්වා එකලස් කළ සැප වාහනය විකුණන්න යද්දී මාට්ටු

නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට ගෙන්වා එකලස් කර රහසිගතව ලියාපදිංචි කළ ජීප් රථයක් කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

වාහනය මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ගේ නමින් ලියාපදිංචි කර විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රසිද්ධ නීතිඥවරියකගේ සහායෙන් වාහන ආනයනය කර බෙදාහරින ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකුගේ මාර්ගයෙන් විකිණීමට සූදානම් කර තිබූ බව ද සඳහන්.

වාහනය මෙරටට ගෙන්වන ලද දේශපාලන නියෝජිතයෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?