අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් මහ පාරක (ඡායාරූප)

අභිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් මාරවිල – දෙමටපිටිය ප්‍රාථමික විද්‍යාලය අසල තිබී හමුවී තිබෙනවා.

අද (31) උදෑසන ලද දුරකථන ඇමතුමකට අනුව ගොස් සිදුකළ සොයා බැලීමේ දී මෙම නිරුවත් මළ සිරුර සියාගත් බවයි මාරවිල පොලිසිය පැවසුවේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව – බටහිර දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.

වඩු කාර්මිකයෙකු වන මෙම පුද්ගලයා පසුගිය කාලයේ විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මළ සිරුර තිබූ ස්ථානයට යාබදව ඇති දේවස්ථාන භූමියේ තිබී කාන්තාවන් භාවිත කරන යතුරුපැදියක් සහ තාප්පයක් මත තිබී ඇදුම් කීපයක්ද පොලීසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම යතුරුපැදිය සහ ඇදුම් මියගොස් ඇති පුද්ගලයාට අයත් ඒවා බවට විශ්වාස කරන්න බව පොලිසිය පැවසුවා.

මියගොස් ඇති පුද්ගලයාගේ හිසෙන් ලේ වහනය වීමක්ද දක්නට ඇති බැවින්, මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?