ඉන්දියාව ධර්මශාලා තණතීරුවේ පළමුව පන්දුව අතට ගනී

2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (22) ධර්මශාලා හිදී පැවැත්වෙනවා.

තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටින නවසීලන්තය සහ ඉන්දියාව මෙම තරගයේ දී මුණගැසෙනවා.

මේ අතර මෙම තරගය කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සමත් වුණා.

ඒ, අනුව ඉන්දීය නායකයා තීරණය කළේ ධර්මශාලා තණතීරුවේ පළමුව පන්දු යැවීමටයි.

අද තරගය පැවැත්වෙන ධර්මශාලා තණතීරුව දඟ පන්දු යවන්නන්ට තරමක් වාසිදායක වනු ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගය සඳහා ආබාධයකට ලක්වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එක්‌ නොවන අතර, ඔහු වෙනුවට අද තරගය සඳහා සූර්යකුමාර් යාදව් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මීට අමතරව ඉන්දීය කණ්ඩායමේ තවත් වෙනස්කමක් සිදුකර ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක ෂර්දුල් තාකූර් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි එක්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරගයේදීත් පැවරී ඇත්තේ ටොම් ලේතම් හටයි.

නවසීලන්ත කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදු නොවන අතර, මීට පෙර තරගය සඳහා ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායම ම අද තරගයට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32