බස් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් 15ක් රෝහලට (ඡායාරූප)

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අද සවස සිදුවූ මෙම අනතුරින් පාසැල් දරුවන් දෙදෙනෙකු ඇතුලු 15 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහල වෙත ඇතුලත් කිරිමට ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව කටයුතු කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසුවූ කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි සඳහන්.

අනතුරට පත් බස් රථය හා එහි රියදුරු මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති එම රියදුරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරදන්කඩවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03