ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට ප්‍රතිවාදී ශ්‍රී ලංකාවෙන් මීට ටික වේලාවකට පෙර හිමි වූ ඉලක්කය ලකුණු 210ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මෙන්ඩිස්ගේ තීරණයට ලක්නව් පිටියේ දී සාධාරාණය ඉටු කිරීමට ආරම්භක පිතිකරුවන් දෙපළ වූ පැතුම් නිස්සංකට සහ කුසල් පෙරේරාට හැකි වුණත් අනිත් කිස්දු ක්‍රීඩකයෙකුට සිතූ තරම් සාර්ථක ලෙස ලකුණු අතරට පැමිණෙන්නට ඔස්ට්‍රේලියාවේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ආරම්භක කඩුල්ලට පැතුම් හා කුසල් එක් ව ලකුණු 125ක සබඳතාවක් ගොඩනැගුව ද, ඒ සියල්ල දියාරු වූයේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා දැවී යාමෙන් පසුව ආ කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවීම හේතුවෙන්.

කුසල් පෙරේරා ලකුණු 78ක් සහ නිස්සංක ලකුණු 61ක් ලබා ගත්තා.

තරගාවලියේ දිගින් දිගටම සාර්ථක වූ නායක මෙන්ඩිස්ට අද දිනයේ දී ලබාගත හැකි වූයේ ලකුණු 09ක් පමණයි.

චරිත් අසලංක හැර අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යන්නට හැකි වූයේ නැහැ.

දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාගේ කඩුලු බිල්ලට හසු වූ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහු සමත් වුණා.

අසලංක ලකුණු 25යි.

මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් අතරේ කඩුලු 02ක බැගින් බිඳී ගිය අතර, මැක්ස්වෙල් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල දවා ගත්තා.

තරගය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවට පන්දුවාර 50ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 210ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?