රෑට රෑට හොරෙන් හොරෙන් පාසලේ මීටින්ග් තිබූ ප්‍රින්සිපල්ට එරෙහිව ගම්වාසීන් මහ පාරට

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ගනේවල්පොල මුස්ලිම් මහ විද්‍යාලය ඉදිරිපිට දී අද දෙමව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ එම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාප හා පරිපාලනමය දුර්වලතා සම්බන්ධ‍යෙන් වි‍රෝධය පළ කරමිනුයි.

එම විදුහල්පතිරවයා ව පාසලෙන් ඉවත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ විදුහල්පතිවරයා ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් සමග එක්ව පාසැල් සංවර්ධන සමිතිය හෝ ආදිශිෂ්‍ය සංගමය ද දැනුම්වත් නොකොට විද්‍යාලය තුළ දී කිසියම් පිරිසක් සමග රහස් රැස්වීමක් ද පැවැත්වූ බව ද විරෝධතාකරුවෝ පවසනවා.

ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ආරක්ෂාව මැද රාත්‍රී කාලයේ එම විදුහල්පතිවරයා පාසලෙන් පිටව යන අයුරු ඇතුළත් දර්ශන ද මාධ්‍ය වෙත ලබාදීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ.

විරෝධතා පුවරු පුදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් ඔවුන් අද මෙලෙස විදුහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරි පිට දී විරෝධතාවයේ නිරත වූ අතර, විරෝධතාව පැවති ස්ථානයේ පිහිටි පාසලේ හා විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සඳහා මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් පොලිස් ආරක්ෂාව ද ලබා දුන්නා.

කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විරෝධතාකරුවන්ට පොරොන්දු වූයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම්දී විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

ඉන් පසුවයි පැය දෙකකට අධික කාලයක් පැවති විරෝධතාව අවසන් කෙරුණේ.

WhatsApp Image 2023 10 16 at 16.55.19 2
WhatsApp Image 2023 10 16 at 16.55.19 1
WhatsApp Image 2023 10 16 at 16.55.19
WhatsApp Image 2023 10 16 at 16.55.18
WhatsApp Image 2023 10 16 at 16.55.17
WhatsApp Image 2023 10 16 at 16.55.16 1
WhatsApp Image 2023 10 16 at 16.55.16
WhatsApp Image 2023 10 16 at 16.55.15 1
WhatsApp Image 2023 10 16 at 16.55.15
WhatsApp Image 2023 10 16 at 16.55.14
WhatsApp Image 2023 10 16 at 16.55.13 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18