ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 69ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

දිල්ලිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායමයි.

ඔවුන්ගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

Rahmanullah Gurbaz පන්දු 57කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තා.ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින්. Ikram Alikhil 58යි. Mujeeb Ur Rahman සහ Ibrahim Zadranලකුණු 28 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Adil Rashid කඩුලු 3ක් සහ Mark Wood කඩුලු 2ක් බිඳහෙලුවා. ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ලකුණු 285ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

Harry Brook ලකුණු 66යි. Dawid Malan ලකුණු 32ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Mohammad Nabi කඩුලු 2ක් බිඳහෙලුවා. තරගයේ වීරයා සම්මානය Mujeeb Ur Rahmanට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?