ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 69ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

දිල්ලිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායමයි.

ඔවුන්ගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

Rahmanullah Gurbaz පන්දු 57කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තා.ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින්. Ikram Alikhil 58යි. Mujeeb Ur Rahman සහ Ibrahim Zadranලකුණු 28 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Adil Rashid කඩුලු 3ක් සහ Mark Wood කඩුලු 2ක් බිඳහෙලුවා. ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ලකුණු 285ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

Harry Brook ලකුණු 66යි. Dawid Malan ලකුණු 32ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Mohammad Nabi කඩුලු 2ක් බිඳහෙලුවා. තරගයේ වීරයා සම්මානය Mujeeb Ur Rahmanට හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13