ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්ට හේතුව ක්‍රීඩා ඇමති කියයි (වීඩියෝ)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්වල වගකීම ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මිණිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කණ්ඩායමේ පරාජයට මෙන්ම පසුබැසීමට හේතුව වැරදි අවස්ථාවක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ක්‍රීඩා කළ තරග දෙකෙහිදීම ලකුණු අතර සිටිය ද පන්දු යැවීමේ දුර්වලතා පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානමට බලපෑමක් සිදු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම තරගාවලිය පැවැත්වීමට ද තමා විරුද්ධ වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ.

ඉන්දියාව අයි පී එල් තරගාවලිය පවත්වනු ලැබුවේ ලෝක කුසලානයට මාස 6කට පමණ පෙර වන අතර ශ්‍රී ලංකාව එල් පී එල් තරගාවලිය පවත්වනු ලැබුවේ ලෝක කුසලාන තරගාවලිය අභියසට පැමිණ බව ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කරනවා.

එමගින් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙදෙනකු ආබාධවලට ලක්වී මෙන්ම රටක් ලෙස පසුපසට ගොස් පෞද්ගලික අභිලාෂයන් ඉදිරියට පැමිණි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නීතියේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් එල් පී එල් තරගාවලිය පැවැත්වූ බවට ද ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කළා.

  1. LANKAWE WESA POLITICS GEWUNA HEMA THANAMA DARUNUBOWENA LEDAK WAGEYI WINASAYI. SLC EKA PUDHGALIKA AYATHANAYAK NAM EYI OKATA WESA POLITICS ENNE. SUMATHIPALAYA INNAKAM MEHE CRICKET WALATA KAWADAWATH YAHAPATHAK WENNE NAHE. U RACR BY RACE OYA LOKE OKKOMA SUDU KARAYO EKKA FIT. MEKA DAN INTERNATIONAL GAMBLE EKAK KARALA IWARAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18