spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්ට හේතුව ක්‍රීඩා ඇමති කියයි (වීඩියෝ)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්වල වගකීම ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මිණිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කණ්ඩායමේ පරාජයට මෙන්ම පසුබැසීමට හේතුව වැරදි අවස්ථාවක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ක්‍රීඩා කළ තරග දෙකෙහිදීම ලකුණු අතර සිටිය ද පන්දු යැවීමේ දුර්වලතා පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානමට බලපෑමක් සිදු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම තරගාවලිය පැවැත්වීමට ද තමා විරුද්ධ වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ.

ඉන්දියාව අයි පී එල් තරගාවලිය පවත්වනු ලැබුවේ ලෝක කුසලානයට මාස 6කට පමණ පෙර වන අතර ශ්‍රී ලංකාව එල් පී එල් තරගාවලිය පවත්වනු ලැබුවේ ලෝක කුසලාන තරගාවලිය අභියසට පැමිණ බව ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කරනවා.

එමගින් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙදෙනකු ආබාධවලට ලක්වී මෙන්ම රටක් ලෙස පසුපසට ගොස් පෞද්ගලික අභිලාෂයන් ඉදිරියට පැමිණි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නීතියේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් එල් පී එල් තරගාවලිය පැවැත්වූ බවට ද ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?