හමුදා සෙබළෙකුට හා දුවගේ සැමියාට අවුරුදු දහතුනේ දැරියව කෙළෙසන්න මව ඉඩදීලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දිරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙක් සහ දැරියගේ මව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු  හමුදා සෙබළා කොඩිකාමම් 15 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරන තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු මව කුමාරකට්ටුව – ඉහළතම්මන ප්‍රදේශයේ පදිංචිකරිනියක් බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, ඔහු දැරියගේ සහෝදරියකගේ සැමියා බවයි පොලිසිය පැවසුවේ.

ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කර ඇති බවට ඊයේ (13) ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයක දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු හමුදා සෙබළා සහ දැරියගේ සහෝදරියගේ සැමියා මිතුරන් බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය දූෂණය කිරීමට අයගේ මව විසින් අනුබල ලබාදී ඇති බවයි පල්ලම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් .පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
10
+1
1
+1
1
+1
28
+1
6
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?