හමුදා සෙබළෙකුට හා දුවගේ සැමියාට අවුරුදු දහතුනේ දැරියව කෙළෙසන්න මව ඉඩදීලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දිරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙක් සහ දැරියගේ මව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු  හමුදා සෙබළා කොඩිකාමම් 15 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරන තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු මව කුමාරකට්ටුව – ඉහළතම්මන ප්‍රදේශයේ පදිංචිකරිනියක් බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, ඔහු දැරියගේ සහෝදරියකගේ සැමියා බවයි පොලිසිය පැවසුවේ.

ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කර ඇති බවට ඊයේ (13) ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයක දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු හමුදා සෙබළා සහ දැරියගේ සහෝදරියගේ සැමියා මිතුරන් බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය දූෂණය කිරීමට අයගේ මව විසින් අනුබල ලබාදී ඇති බවයි පල්ලම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් .පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32