AFC Banner
Empty Ad
Empty Ad

නාය යාමෙන් වැසුණු අධිවේගයේ ධාවනය යළි ඇරඹෙයි

රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද සවස 6 සිට විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. ඊ. එස්. වීරකෝන් මහතා සඳහන් කළේ කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු දෙකක් පමණක් දෙපසටම ගමන් කළ හැකි පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි.

දකුණු පස මංතීරු දෙක තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙන බව ඔහු කියසිටියා.

පසුගිය 11 වනදා පැවති දැඩි වර්ෂාපතනයත් සමග මෙම කන්ද නාය යාම හේතුවෙන් පින්නදුව සහ ඉමදූව අතර වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණා.

කිලෝමීටර් 102 ආසන්න ප්‍රදේශයේ රන්ගොඩ කන්ද තවදුරටත් නාය යාමේ අවදානමක් පවතී දැයි නිරීක්ෂණය කිරීමේ කටයුතු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායමක් අද දහවල් පැමිණ පරීක්ෂා කර තිබෙනවා.

ආරක්ෂිත කැමරා සහ අනෙකුත් ආරක්ෂක ක්‍රමවේදයන් උපයෝගී කරගෙන නිරතුරුම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටයි ඔවුන් උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම නාය යාමේ අවදානමක් පවතිනු ඇතැයි අනුමාන කෙරෙන කොක්මාදූව ප්‍රදේශයේ කිලෝමීටර් 114 ආසන්නයේ පිහිටි කන්ද ද අද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දැනුම් දුන් බවයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂක (නඩත්තු හා මෙහෙයුම්) ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් යොදමින් අධිවේගී වාහන ගමනාගමනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇතැයි කහටපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?