නාය යාමෙන් වැසුණු අධිවේගයේ ධාවනය යළි ඇරඹෙයි

රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද සවස 6 සිට විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. ඊ. එස්. වීරකෝන් මහතා සඳහන් කළේ කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු දෙකක් පමණක් දෙපසටම ගමන් කළ හැකි පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි.

දකුණු පස මංතීරු දෙක තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙන බව ඔහු කියසිටියා.

පසුගිය 11 වනදා පැවති දැඩි වර්ෂාපතනයත් සමග මෙම කන්ද නාය යාම හේතුවෙන් පින්නදුව සහ ඉමදූව අතර වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණා.

කිලෝමීටර් 102 ආසන්න ප්‍රදේශයේ රන්ගොඩ කන්ද තවදුරටත් නාය යාමේ අවදානමක් පවතී දැයි නිරීක්ෂණය කිරීමේ කටයුතු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායමක් අද දහවල් පැමිණ පරීක්ෂා කර තිබෙනවා.

ආරක්ෂිත කැමරා සහ අනෙකුත් ආරක්ෂක ක්‍රමවේදයන් උපයෝගී කරගෙන නිරතුරුම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටයි ඔවුන් උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම නාය යාමේ අවදානමක් පවතිනු ඇතැයි අනුමාන කෙරෙන කොක්මාදූව ප්‍රදේශයේ කිලෝමීටර් 114 ආසන්නයේ පිහිටි කන්ද ද අද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දැනුම් දුන් බවයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂක (නඩත්තු හා මෙහෙයුම්) ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් යොදමින් අධිවේගී වාහන ගමනාගමනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇතැයි කහටපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14