ඔස්ට්‍රේලියාවට ලකුණු 312ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 312ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 311ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 109යි. ඒඩ්න් මාර්ක්රම් ලකුණු 56ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.