කෝටි ගණනක පූජා භාණ්ඩ සොරකම් කළ 3ක් අත්අඩංගුවට

සුඛෝපභෝගී නවීන වෑන් රථයකින් ගොස් දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳසැල් කඩා රුපියල් කෝටියකට අධික පූජා භාණ්ඩ සොරකම් කළ කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 සහ 45 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මස 29 වනදා අත්තනගල්ල විහාරස්ථානය ඉදිරිපිට පිහිටි පූජා භාණ්ඩ අලෙවි සැලක් කඩා එහි තිබූ රුපියල් 4,750,000ක පූජා භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධව වෙළඳසැල් හිමිකරු විසින් කළ පැමිණිල්ලක් මත CCTV දර්ශන ඔස්සේ විමර්ශනය කර සොරකම් කිරීමට යොදාගත් වෑන් රථය පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෑන් රථයේ අංක තහඩු වෙනස් කර තිබූ අතර එම අංක තහඩුවලට අදාළ අංකය ඌව පළාත් සභාවට අයත් කැබ් රථයක අංකයක් බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

පසුව වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 50කට අධිකට අධික පූජා භාණ්ඩ සහ රෙදිපිළි සොරාගෙන ඇති බවත් මීගොඩ ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවි සැලක් බිඳ රුපියල් 550000ක රෙදි පිළි සහ පූජා භාණ්ඩ සොරාගෙන ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇතැයි සඳහන්.

එලෙස සොරා ගන්නා ලද අටපිරිකර, සිවුරු,වටාපත් ඇතුළු පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායමේ තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි අත්තනගල්ල පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හෙට (12) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්තනගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?