වෘත්තීමය නිපුණතාවක් සහිත තරුණයින්ට ජපානයේ රැකියා අවස්ථා

වෘත්තීමය නිපුණතාවක් සහිත තරුණයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි සහ ජපානයේ IM Japan ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක Masnobu Komiya යන මහත්වරුන් විසින්.

සාත්තු සේවා, ආහාර සැකසුම් සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීමය නිපුනතාවයක් ඇති තරුණයින්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

තෝරා ගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 05ක සේවා ගිවිසුම් කාලයක් හිමි වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය සමග මීට පෙර එළඹ තිබූ ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකිකයින් 415 දෙනෙකු මේ වන විට රැකියාවන් සදහා ජපානයට පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් සාත්තු සේවා සහ ඉදිකිරීම් කටයුතුවල නිරත වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සිව් වන අදියර සහ විශේෂ නිපුණතාවන්ට අදාළ විභාග සමත්වී ඇති තරුණයින්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

මේ සඳහා අයදුම් කරන තරුණයින්ට දැනට පවත්වන විභාග මීටත් වඩා සරල කිරීම උචිත බවයි මෙම අවස්ථාවට එක්ව සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයේ IM Japan පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06