spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෘත්තීමය නිපුණතාවක් සහිත තරුණයින්ට ජපානයේ රැකියා අවස්ථා

වෘත්තීමය නිපුණතාවක් සහිත තරුණයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි සහ ජපානයේ IM Japan ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක Masnobu Komiya යන මහත්වරුන් විසින්.

සාත්තු සේවා, ආහාර සැකසුම් සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීමය නිපුනතාවයක් ඇති තරුණයින්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

තෝරා ගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 05ක සේවා ගිවිසුම් කාලයක් හිමි වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය සමග මීට පෙර එළඹ තිබූ ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකිකයින් 415 දෙනෙකු මේ වන විට රැකියාවන් සදහා ජපානයට පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් සාත්තු සේවා සහ ඉදිකිරීම් කටයුතුවල නිරත වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සිව් වන අදියර සහ විශේෂ නිපුණතාවන්ට අදාළ විභාග සමත්වී ඇති තරුණයින්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

මේ සඳහා අයදුම් කරන තරුණයින්ට දැනට පවත්වන විභාග මීටත් වඩා සරල කිරීම උචිත බවයි මෙම අවස්ථාවට එක්ව සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයේ IM Japan පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?