අවාරයේ සිරිපා සංචාරය සඳහා ප්‍රවේශපත් අලෙවියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරයන් සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට විරෝධය පාමින් අද (08) විරෝධතාවක් පැවැත් වුණා.

නල්ලතන්නිය වනජීවී කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත් වුණේ මහා සංඝ රත්නය සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් 2022 වසරේ අවාරයේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.

එම ගැසට් පත්‍රය අනුව නල්ලතන්නිය සහ රත්නපුර – පලාබද්දල වනජීවී කාර්යාලවලින් අවාරයේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන විදෙස් සංචාරකයෙකුගෙන් ඩොලර් 05ක් ද,සාර්ක් කලාපීය රටවල්වලින් පැමිණෙන සංචාරකයන් සදහා ඩොලර් 04ක
මුදලක් ද, දේශිය සංචාරකයන්ගෙන් රුපියල් 40ක මුදලක් ද අය කෙරෙනවා.

ඒ, අනුව ඉකුත් 04 වන දින සිට එම කාර්යාල දෙකෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝ රත්නය, ප්‍රදේශවාසීන් සහ ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි විදේශීය සංචාරකයින් පිරිසක් එක්ව මෙම විරෝධතාවය පැවැත්වුවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ද මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය දක්වන ලිපි යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

11 8
6 4
7 3
8 2
9 1
10 2
3 6
2 3
1 9
5 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39