උඩරට ද්‍රවිඩ ප්‍රජාවට පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතුයි – අගමැති

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

එම ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උඩරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නව ප්‍රජාවගේ ලාංඡනයක් එළිදැක්වීම සඳහා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති උත්සවයේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

දශක ගණනාවකට පෙර වතු කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ විට වාමාංශික නායකයින් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන වාමාංශීක නායකයින්ව යුරෝපීය වතු හිමියන් විසින් එළවා දැමූ බවත් ඉන් නොසැලුනු ඔවුන් වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අවශ්‍ය අරමුණු කරා ගිය බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

ඔහු කියාසිටියේ යටත් විජිත පාලකයන් විසින් මුල්ඔය විරෝධතාව සහ යුරෝපීය වැවිලිකරු බ්‍රෙස්ග්‍රඩ්ල් පලවා හැරීමේ උත්සාහය අරගලයේ සන්ධිස්ථාන බවයි.

සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඇතුළු ඉන්දීය සම්භවයක් ඇති ප්‍රජා නායකයින් වසර ගණනාවක් පුරා කම්කරුවන් සඳහා අයිතීන් රැසක් දිනා දීමට සමත් වූ බවත් ජීවන් තොණ්ඩමන්, සෙන්තිල් තොණ්ඩමන් වැනි නව පරපුරේ නායකයන් රජය සමඟ සක්‍රීය සහයෝගයෙන් උඩරට ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17