විදේශ රැකියා ප්‍රතිපත්තියක් ගැන අවධානය යොමු කරන්න කාලය හරි – විපක්ෂ නායක

විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහි දී වැඩි වේතනයක් ලැබෙන රැකියා ක්ෂේත්‍රය හඳුනා ගත යුතු අතර ඒ අනුව ඊට අදාළ සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විදේශ ශ්‍රම වෙලෙදපොළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලට අද එක් වෙමින්.

ඒ සඳහා විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය පරීක්ෂණයක් සිදුවිය යුතු බවත් එහිදි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොලේ අවශ්‍යතා හඳුනා ගෙන ඊට අදාළව මෙරට ශ්‍රමිකයන් සූදානම් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

එමෙන්ම රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු අතර ඊට සියලුම වගකිව යුතු පාර්ශව එක්විය යුතු බව ද ඔහු සඳහන් කරනවා.

විදේශ ගත වන ශ්‍රමිකයන් නියමිත කාලයෙන් පසු නැවත රටට පැමිණිමේදී ඔවුන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් සහිත රටක් ඇති කළ යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12