spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ රැකියා ප්‍රතිපත්තියක් ගැන අවධානය යොමු කරන්න කාලය හරි – විපක්ෂ නායක

විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහි දී වැඩි වේතනයක් ලැබෙන රැකියා ක්ෂේත්‍රය හඳුනා ගත යුතු අතර ඒ අනුව ඊට අදාළ සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විදේශ ශ්‍රම වෙලෙදපොළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලට අද එක් වෙමින්.

ඒ සඳහා විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය පරීක්ෂණයක් සිදුවිය යුතු බවත් එහිදි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොලේ අවශ්‍යතා හඳුනා ගෙන ඊට අදාළව මෙරට ශ්‍රමිකයන් සූදානම් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

එමෙන්ම රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු අතර ඊට සියලුම වගකිව යුතු පාර්ශව එක්විය යුතු බව ද ඔහු සඳහන් කරනවා.

විදේශ ගත වන ශ්‍රමිකයන් නියමිත කාලයෙන් පසු නැවත රටට පැමිණිමේදී ඔවුන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් සහිත රටක් ඇති කළ යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?