එක් කෝටි දෙලක්ෂයක රන් ගෙන ආ කතක් ගුවන්තොටේ දී මාට්ටු (ඡායාරූප)

රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව අද (28) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නියක් බවටයි අනවවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව අද (28) අලුයම 03.00ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587යි මිලි ග්‍රෑම් 316ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

IMG 20230928 WA0052
IMG 20230928 WA0051
IMG 20230928 WA0049
IMG 20230928 WA0048
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?