30 වනදායින් පසු වී ගබඩා වසාදමන්න – කෘෂි ඇමතිගෙන් උපදෙස්

2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වනදායින් පසු වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් යල් කන්නයේ වී මිලදී ගැනීම සදහා ගබඩා 39ක් විවෘතව තැබුවා.

ඒවායේහි දී නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගත්තා.

වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම හේතුවෙන් පුද්ගලික අංශය විසින් රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නංවනු ලැබූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට ගොවීන් කටයුතු නොකර වැඩි මිලට පුද්ගලික අංශයට වී අලෙවි කිරීමට පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගැනීමට කටයුතු කර තිබෙනවා.

සියයට 08ක පොළියට ගොවිජන භාරකාර අරමුදලෙන් ලබාගත් රුපියල් මිලියන 500ක් වැය කරමින් වී මිල දී ගත්ත ද, ඉන් වැය කිරීමට හැකිව තිබෙන්නේ රුපියල් මිලියන 300ක් වැනි ප්‍රමාණයක් බවයි වාර්තා වුණේ.

රජය මඟින් හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් බැගින් සහනාධාර හා යල කන්නයේ මඩ පොහොර නොමිලයේ පවා ලබාදුන්න ද ගොවිජනතාව රජයට අයත් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට පියවර නොගැනීම ඊට හේතු වී තිබෙනවා.

මේ වනවිට යල කන්නය අවසන් වෙමින් පැවතීම හේතුවෙන් තවදුරටත් ගබඩා විවෘතව තැබිමෙන් පලක් නොමැතිවීමත්, මෙහෙයුම් ගාස්තු ඉහළ යාමත්, ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීමත් නිසා එම ගබඩා මෙම මස 30 වනදායින් පසුව වසා දැමීමට වී අලෙවි මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10