ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක – උතුරු ආණ්ඩුකාරතුමියත් හමුවෙයි

උතුරේ පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා සතුටට පත්වන බවත් මෙම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් නගාසිටුවීම,ජනතාවගේ පොදු යටිතල පහසුකම් නගාසිටුවීම
මෙන්ම සෙසු සංවර්ධන ක්‍රියාවලීන් සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බවත් පැවසීය.

එමෙන්ම උතුරු පා‍ලාතේ ජන ජීවිතය නංවාලීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවද ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?