රුපියල් එකොළොස් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටාර් රාජ්‍යයේ දෝහා සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/27 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටාර් රාජ්‍යයේ ටැක්සි රථ රියැදුරුවරයෙකු ලෙස සේවය කළ මොහු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි .
ඔහු 09/27 දින අලුයම 03.07 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 11,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 57 ක් සගවා ගෙන තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගුවන් මගියා 09/27 දින පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 10/04 දින මෙසේ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය සමග මෙම පුද්ගලයා ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .




