දුම්රියේ හොරෙන් යන අය අල්ලන වැටලීම් පුළුල් කෙරේ

ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් තවදුරටත් පුළුල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ දුම්රිය මගීන් 72 කගෙන් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අයකරගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
4
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?