කල්පිටිය – කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ ඊයේ (26) පස්වරු 5.00ට පමණ පිපිරීමක් සිදුව තිබුණා.
මෙම පිපිරීමෙන් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගුවන් හමුදා සෙබළෙක් තුවාල ලැබුවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙක් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
මියගිය ගුවන් භටයා පොල්ගහවෙල, උඩපොලමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.
ඔහු මෑතක දී විවාහ වීමෙන් අනතුරුව ආණමඩුව, පල්ලම ප්‍රදේශයේ තම බිරිඳගේ නිවසට පදිංචිව සඳහා පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ඔහුගේ මෘත ශරීරය කල්පිටිය රෝහල වෙත ඊයේ (26) පස්වරුවේ ම යොමුකර තිබූ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණා.
බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේ දී අදාළ පිපිරීම සිදුව ඇති බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසුවේ.
මෙම පිපිරිම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.
කන්දකුලිය ප්‍රදේශයේ ඇති වෙඩිපිටිය නමින් හඳුන්වන ප්‍රදේශය ගුවන් හමුදාව විසින් තම පුහුණුවීම් කටයුතු සඳහා භාවිත කරන ප්‍රදේශයක්.
පුහුණුවීම්වලින් පසුව අතහැර යන ඇතැම් පුපුරණ ද්‍රව්‍ය අසුලා ගෙන ඒවා තම නිවෙස් වෙත ගෙන ගොස් ඇති කීපදෙනෙකුම පසුගිය කාලයේ දී අනතුරුට පත්ව තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.














DARUNU NOSALAKILIMATH ADU PADU 5 K ME NEWS EKEMA THIYENAWA. 1. TRAINING SAHA TEST WALATA USE KARANA EXPLOSIVES EKEN PASSE ITHURU UNA EA DALA YANA EKA. 2. PITA AYATA HAMUDAWE NOWENA AYATA KISIMA BADAWAKI NATHIWA MEKATA ENNA DEELA THIYENA EKA. 3 MEKE ATH HERALA DALA GIYA EWA CIVIL AYA GEWAL WALA GENIYALNA EKA. 4. AYE SAHARAN LA HADANNA SAHA EHEMA UNTA ONA DEWAL PITIN GENNA ONA NAHE APE RATA ATHULEMA HAMUDAWAN WISINMA DEELA DANA EKA. 5. WAR EKA KALAYE THIBUNA TIGHT SECURITY DAN SAHENNA FREE KARALA KIYALA CIVIL AYATA THERUM YANA EKA.