කුවේට් රටේ රැකියා සිහින පෙන්වා ලක්ෂ ගණන් මුදල් ගරලා

කුවේට් රාජ්‍යයේ ගබඩාවක රැකියාවන් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් බව කියන අයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ, අටබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ ගබඩාවක සහායකයින් ලෙස සේවය කිරීම සදහා රැකියාවන් ලබාදිය හැකි බව පවසමින් සැකකරු එක් අයෙකුගෙන් රුපියල් 450,000 බැඟින් ලබාගෙන තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව සැකකරු මේ වන විට වංචනික ආකාරයෙන් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 26 කට වැඩි මුදලක් ලබාගෙන ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත කිරීමෙන් අනතුරුව මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57