AFC Banner
AFC Banner
Empty Ad

උතුරු මැද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් නවතී

උතුරු මැද පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් තාවකාලිකව නතරකරන බව දැනුම් දෙනවා.

ඒ, අනුව හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී උතුරු මැද පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි දැනුම් දෙන්නේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2 3

මේ අතර බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (25) දැනුම් දුන්නා.

ඒ, අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?